සිංහල භාෂාවේ විෂේශ රීති....

සිංහල භාෂාවේ විශේෂ රීති....

සිංහල භාෂාව හැදෑරීමේ දී ඔබ විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණු අතර එකක් වන්නේ අක්ෂර වින්‍යාසය යි. කතා ව්‍යවහාරයේ දී අංගචලනය සහ උච්චාරණ ස්වභාවය භාවිතා කරමින් අදහස නිරවුල්ව ප්‍රකාශ කළ ද ලේඛනයේ දී සම්මත අක්ෂර වින්‍යාස රීති අනුගමනය කළ යුතු ය. අක්ෂර වින්‍යාසය වැරදි අයුරින් භාවිතා කළ අවස්ථා පහත දැක්වේ.

නිවැරදි වචනය තෝරාගනිමු.

එමෙන් ම විශේෂයෙන් සැලකිළිමත් විය යුත්තේ සන්ධි වූ වචනයකට දීර්ගයක් කිසිවිටෙකත් එක් නොකළ යුතු ය. 

උදා – නීත්‍යනුකූල යන වචනය කිසිවිටෙකත් නීත්‍යානුකූල ලෙස ලිවිය නොහැකි ය.

එමෙන් ම සාමර්ථ්‍යය යන වචනය සාමාර්ථ්‍යය ලෙස ලිවිය නොහැකි ය. 

අත්‍යවශ්‍ය යන වචනය අති+අවශ්‍ය යන්න ලෙස සන්ධි වී ඇත. එබැවින් අත්‍යාවශ්‍ය වශයෙන් ලිවීීම වැරදි ය..

එමෙන් ම මෙම වචන භාවිතයේ දී ඔබ වඩාත් සැලකිළිමත් විය යුතු ය. ආදි, ධුරය, ස්තුති, ස්ථිර, ලදි යන වචන දීර්ඝ කොට ලිවීම වැරදි ය. එනම් ආදී, ධූරය, ස්තූති, ස්ථීර, ලදී වශයෙන් ලිවිය නොහැක.

කර්තෘ ලෙස යොදන වචනය කතෘ වශයෙන් ලිවීම වැරදි සහගත ය. 

උපසර්ගයක් වශයෙන් පිළි යන වචනය භාවිතයේ දී එම උපසර්ගය මුලට යෙදෙන විට අක්ෂරය මූර්ධජ ‌විය යුතු ය.

උදා – පිළිගත්, පිළිගැනීම, පිළිතුර, පිළිබඳ, පිළියම්, පිළියෙල, පිළිවෙල ආදි වශයෙන් විය යුතු ය. 

ස්ත්‍රී ලිංග පදයන් ලිවීමේදී මෙම වචන වල නිලධාරිනිය, උපාධිධාරිනිය, ලිපිකාරිනිය, මහත්මියනි ආදි වචන වල ‘න’ යන්න දන්තජ ‘න’ විය යුතු ය.

ඔබ වඩාත් සැලකිලිමත් විය යුතු කරුණක් වන්නේ අවශ්‍යතාව, සම්බන්ධතාව වැනි පද ලිවීමේ දී පදයේ අගට ‘ය’ යන්නක් එක් නොකළ යුතු ය.

එමෙන් ම යමකට අයත් බව හඟවන මෙම වචන භාවිතයේ දී ඔබ වඩාත් සැලකිලිමත් විය යුතු යි. 

කාර්යාලයීය, කලාපීය, ග්‍රාමීය, පුස්තකාලයීය, ප්‍රදේශීය/ ප්‍රාදේශීය, මණ්ඩලීය, විද්‍යාලයීය, සමාජීය, ස්වදේශීය.

ප්‍රදේශයන් දැක්වීමේ දී ‘ඉහළ/ පහළ’ යන පදයන් කිසිවිටෙකත් දන්තජ ‘ල’ යෙදිය නොහැක.

ස්ථානයක් දැක්වීමේ දී ‘පොළ’ /පළ’ යන වචනයන් හී මූර්ධජ ‘ළ’ භාවිතා කළ යුතු ය.

උදාහරණ වශයෙන් – දුම්රිය පොළ, වැඩපොළ, මුර පොළ, වෙළෙඳ පොළ වශයෙන් දැක්විය හැකි ය.

‘කරණය’ යන වචනය තවත් වචනයක් සමඟ ලිවීමේ දී ‘ර’ අක්ෂරයට පරව ‘ණ’ අක්ෂරය යදේ.

උදාහරණ වශයෙන්- කළමනාකරණය, නවීකරණය, නිරායුධකරණය, සම්බන්ධීකරණය ආදී වශයෙන් දැක්විය හැකි ය.

උපසර්ගයක් සහ නිපාතයක් එකට එක් වී වචනයක් සැකසේ නම් පළමුව උපසර්ගයත් පසුව නිපාතයත් නොයෙදිය යුතු ය. නිපාතය පළමුවෙන් යොදා පසුව උපසර්ගය යෙදිය යුතු ය. උදාහරණ ලෙස පිළිනොගැනීම යන වචනය නොපිළිගැනීම වශයෙන් යෙදිය යුතු ය.

නිවැරදිව වචන භාවිතා කරන විට නිසාවෙන් යන වචනය නිසා යනුවෙනුත්, හැක යන වචනය හැකි ය වශයෙනුත් අනූව යන වචනය අනුව වශයෙනුත් යොදනු ලබ යි.

එමෙන් ම මීළඟ සහ ඊළඟයන වචන මීළග සහ ඊළග වශයෙන් නොලිවිය යුතු අතර ‘ල’ අක්ෂරය නොයෙදීමට වගබලාගන්න.

 

 

ණ,න,ල,ළ,ද,ඳ භේදය ගැන වඩාත් සැලකිලිමත් වෙන්න.

ණ,න,ල,ළ,ද,ඳ යන අක්ෂර නිවරදිව යෙදීමට නොහැකි වුවහොත් අර්ය වෙනස් වේ. එබැවින් මෙය නිවැරදිව යුතු බව සැලකිලිමත්වන්න.

මෙම  වචන වෙනත් පදයක් සමඟ සම්බන්ධකර ලිවීමේ දී අවසාන ‘ය’ කාරය නොමැතිව ලිවීම කළ යුතු ය.

කාර්යය – කාර්ය මණ්ඩලය

වාක්‍යය – වාක්‍ය නිර්මාණය

විද්‍යාලය – විද්‍යාල මාවත

සාහිත්‍යය – සාහිත්‍ය උත්සවය

සූර්යයා – සූර්ය මණ්ඩලය

 

ඇතැම් වචන ලිවීමේ දී නිවැරදි ආකාර දෙකක් තිබිය හැකි ය. එවැනි අවස්ථාවන් හි දී එකම ලේඛනයේ එක් ක්‍රමයක් සමරූපතාවයෙන් ලිවීම සුදුසු ය.

උදාහරණ – කණ්ණාඩි/ කන්නාඩි, කැලැ/කැළෑ, ගැහැණු/ගැහැනු, තත්වය/තත්ත්වය, තාත්වික/තාත්ත්වික,ත්‍රිකුණාමලය/තිරිකුණාමලය, පනත/ පණත, පහන/ පහණ, පනස්/පණස්, ප්‍රවාහණ/ප්‍රවාහන, මග/මඟ, සමග/සමඟ