සිංහල හෝඩියේ අකුරු මාලාව
සිංහල අක්‍ෂර මාලාව

සිංහල අක්‍ෂර මාලාව හෙවත් සිංහල හෝඩිය භාෂා භාවිතය අනුව ශුද්ධ සිංහල හෝඩිය හා මිශ්‍ර සිංහල හෝඩිය ලෙස ව්‍යාකරණ ග්‍රන්ථ වල හැඳින්වේ. ශුද්ධ සිංහල හෝඩියේ අක්‍ෂර 32 කි. එහි මහප්‍රාණ නැත. පුරාණ පොත පත හා කාව්‍ය ග්‍රන්ථ ලියවී ඇත්තේ එයිනි. මිශ්‍ර සිංහල හෝඩියේ අක්‍ෂර 54 කි.

අද භාවිතාවන සිංහල හෝඩියේ පාලි හා සංස්කෘත අක්‍ෂරද, ෆ යන අක්‍ෂර ඇතුලත්ය. ඏ ඐ අක්‍ෂර භාවිතා නොකෙරේ.

ස්වර නොහොත් පණකුරු 16 කි. ඒවා නම්
අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ ඍ ඎ එ ඒ ඓ ඔ ඕ ඖ
ව්‍යංඦන නොහොත් ගතකුරු 43 කි. ඒවා නම්

ක ඛ ග ඝ ඞ ඟ

ච ඡ ඦ ඣ ඤ ඦ ඥ

ට ඨ ඩ ඪ ණ ඬ

ත ථ ද ධ න ඳ

ප ඵ බ භ ම ඹ ෆ
ය ර ල ව
ශ ෂ ස හ ළ
ඃ (අං අඃ)

මිශ්‍ර සිංහල හෝඩියේ මහප්‍රාණ 10 කි.
ඛ ඝ ඡ ඣ ඨ ඪ ථ ධ ඵ භ

ඛ – දුක්ඛ, ප්‍රමූඛ
ඝ – සංඝ, පරිඝණකය
ඡ – ඡායාරූපය, සාකච්ඡාව,
ඣ – පිරිත් සඦ්ඣායනය
ඨ – පාඨශාලාව, පාඨය
ඪ – පෞඪ, ආරූඪය
ථ -පථය, රථය,
ධ – අක්‍ෂරධපුරය, අක්‍ෂරය
ඵ – ප්‍රතිඵලය, නිශ්ඵලවූ
භ – අභය , භාවිතාව

 
සිංහල බස ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්ව ඇත්තේ සිංහල යුනිකෝඩ් නම් ප්‍රමිතිය අනුවය. එස් එල් එස් 1134 යන ශ්‍රී ලංකා ප්‍රමිතිය අනුව එය සැකසී ඇත. ඔබ දකින මෙම පාඩම හා ශිල්ප සයුර සිංහල යුනිකේත ප්‍රමිතිය අනුව සකසා ඇත.
ස්වර වෙනුවට පිල්ලන් යෙදීම

අ ා ඇලපිල්ල
ඇ ැ ඇදය
ඈ ෑ දීර්ඝ ඇදය
ඉ ි ඉස්පිල්ල
ඊ ී දීර්ඝ ඉස්පිල්ල
උ ු පාපිල්ල
ඌ ූ දීර්ඝ පාපිල්ල
ඍ ෘ ගැටය සහිත ඇලපිල්ල
ඎ ෲ ගැටය සහිත ඇලපිලි දෙක
එ ෙ කොම්බුව
ඒ ේ කොම්බුව සහ හල් කිරීම
ඓ ෛ කොම්බු දෙක
ඕ ෝ කොම්බුව සහ හල් ඇලපිල්ල
ඖ ෞ කොම්බුව සහ ගයනුකිත්ත
ය්ය ්‍ය යංශය
ර්ම ර්ම රේපය
ත්‍ර ්‍ර රකාරාංශය
අං ං බිංදුව
අ ඃ බිංදු දෙක

ස්වර වෙනුවට පිල්ලන් යෙදීම
ස්වර සාදනය

අ ා ඇලපිල්ල
ඇ ැ ඇදය
ඈ ෑ දීර්ඝ ඇදය
ඉ ි ඉස්පිල්ල
ඊ ී දීර්ඝ ඉස්පිල්ල
උ ු පාපිල්ල
ඌ ූ දීර්ඝ පාපිල්ල
ඍ ෘ ගැටය සහිත ඇලපිල්ල
ඎ ෲ ගැටය සහිත ඇලපිලි දෙක
එ ෙ කොම්බුව
ඒ ේ කොම්බුව සහ හල් කිරීම
ඓ ෛ කොම්බු දෙක
ඕ ෝ කොම්බුව සහ හල් ඇලපිල්ල
ඖ ෞ කොම්බුව සහ ගයනුකිත්ත
ය්ය ්‍ය යංශය
ර්ම ර්ම රේපය
ත්‍ර ්‍ර රකාරාංශය
අං ං බිංදුව
අ ඃ බිංදු දෙක

ක+ආ –> කාලය
ක+ඇ –> කැලය
ක+ඈ –> කෑරලා
ක+ඉ –> කිරණ
ක+ඊ –> කීර
ක+උ –> කුඹුර
ක+ඌ –> කූර
ක+ඍ –> කෘදන්ත
ක+ඎ –> කෲර
ක+ෙ –> කෙල්ල
ක+ේ –> කේතුව
ක+ඓ –> කෛ
ක+ඕ –> කෝමල
ක+ඖ –> කෞශල්‍ය
ව+්ය –> කාව්‍ය
ර+් –> කාර්ය
ක+්‍ර –> ක්‍රමය
ං බිංදුව –> අක්‍ෂරිය
ඃ බිංදු දෙක –>අඃ

ඇදය හා දීර්ඝ ඇදය ත්‍රසව මාත්‍රාංශය හා දීර්ඝ මාත්‍රාංශය ලෙසින් පැරණි පොත්වල දැක්වේ.

පහත ආකාර වචන 10 ක් බැගින් සොයන්න

තෛලය,වෛද්‍ය,සෛලය,වෛරය
කෘතිම, වෘන්දය,කෘදන්ත
ගෲෂා, පෲෆ්, බෲක් බොන්ඩ්
අක්‍ෂර‍ය, මධ්‍ය, රාඦ්‍ය, සාවද්‍ය
ගෞරවය, කෞශලී, කෞරව,මහෞෂධ

෴ කුණ්ඩලය පැරණි ග්‍රන්ථවල අවසානය දැක්වීමට යොදා ගැණිනි.
සරල භාවියේදී භාවිතා කරන අක්‍ෂර අනු පිළිවෙල නම්

අ ආ ඇ ඈ ඉ ඊ
උ ඌ එ ඒ ඔ ඕ
ක ග ච ඦ ට ඩ
ත ද න ප බ ම
ය ර ල ව
ස හ ල අං


සිංහල බසට වෙසෙසි “ඇ” යන්න, පැරණීම සිංහල හෝඩියේ දක්වා නැත. උදාහරණයක් ලෙස, සිදත් සඟරාවේ පලමු වියරණ විදිය වන සන් (=සංඥා) වල දක්වා ඇත්තේ ස්වර (පණකුරු = ප්‍රාණාක්‍ෂර) 10කින් යුත් අකුරු 30ක හෝඩියකි (ඇ සහ ඈ නොමැතිව)
“පණකුරු පසෙක් එද ලුහු ගුරු බෙයින් දසවේ,
අ ආ ඉ ඊ උ ඌ එ ඒ ඔ ඕ මේ දස
පණකුරු නම්”.
නමුත් සිදත් සඟරාව පුරාවට ම ඇ යන්න භාවිතා වේ
(උදා: “පසැස් ඈ සරලොප් නැතද සර ගතට පැමිණවූ බැවින් සර සඳ නම්”)

වෙනත් දකුණු ආසියානු භාෂා වලට ඇයන්න අමුත්තෙකි (උදා: දමිල, හින්දි).

කොලඹ යුගයේ ඇ යන්න පිලිබඳ මේ “ගැටළුව” ප්‍රසිද්ධ වූයේ, කුමරතුඟුවන් සමග
පැවති “කට ඇද වාදය”, එනම් ඇයන්න කීමේදී කට ඇද වන බවට සමහරෙක් කීම නිසා
ඇතිවුන විවාදය නිසාය.