Pregnant Mothers Program

Happy To Give Happiness

මෙල්බර්න් නුවර මහමෙව්නාව භාවනා අසපුවෙහි තාවතිංස යාත්‍රා සංවිධාය මගින් සංවිධානය කරනු ලබන ගර්භණී මව්වරුන් උදෙසා පවත්වනු ලබන සීල භාවනා වැඩසටහන 2022 ඔක්තෝම්බර් මස 08 වන සෙනසුරාදා දින උදෑසන 8.30ට පැවැත්වීමට නියමිතය. ඔබත් ගර්භණී අවදියෙහි පසුවන මවක් නම්, මෙම වැඩසටහන සඳහා ඔබටත් සම්බන්ධවීමේ අවස්ථාව උදා වී ඇත. මේ සඳහා පහත ලින්ක් එක ක්ලික් කොට එහි ඇති ගූගල් පෝරමය පුරවා අපවෙත ලැබීමට සලස්වන්න.

මෙම වැඩසටහන සඳහා සම්බන්ධ වන ගර්භණී මව්වරුන් උදෑසන 8.00 වන විට අසපු භූමියට පැමිණෙන ලෙස මෙත් සිතින් යුතුව දන්වා සිටිමු.

මෙම වැඩසටහන මගින් උතුම් මව් පදවිය බලාපොරොත්තුවෙන් සිටින මව්වරුන් හට අපගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අනන්ත ආශිර්වාදය සැලසෙන උතුම් සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනාමාන කරගැනීමටත්,

උදෑසන සුප් දන්සලක් ලබාදීමත්,

මව් කුසේ සිටින දරු සිඟිත්තා හට අනන්ත ආශිර්වාදය පිණිස මව සීලයෙහි සමාදන් කරවීමත්,

මව් කුසේ දරු සිඟිත්තා සිටින අවදියේ දී පින්වන්ත දරුවෙකු බිහිකරගැනීමට මව් විසින් කළයුතු වත්පිළිවෙත් පිළිබඳව සිදුකරනු ලබන සදහම් අනුශාසනාවත්,

මව් කුසේ සිටින දරු සිඟිත්තා හට ආරක්ෂාව රැකවරණය පිණිසත්,  අනන්ත ආශිර්වාදය පිණිසත් සිදුකරනු ලබන භාවනා වැඩසටහනත්,

මව්කුසේ සිටින දරුවාටත්, මවටත් අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අනන්ත ආශිර්වාදය සැලසෙන සහ අපගේ අංගුලිමාල මහරහතන් වහන්සේගේ අනන්ත ආශිර්වාදය සැලසෙන සෙත්පිරිත් සජ්ඣායනාවත්,

ප්‍රණීත ලෙස සකස්කරන ලද දිවා ආහාරයත්, මව්වරැන් හට ලබාදීමට අප අපෙක්ෂා කරමු.

වැඩිවිස්තර දැනගැනීමට කතාකරන්න අපට – 0405 082 267 පිනවත් දශී මහත්මිය.

ඔබ සැමට තෙරුවන් සරණයි!

A rare opportunity you get

මෙම ගැබිණි මව්වරුන්ගේ වැඩසටහන පිළිබඳව ඔබ දන්නා තවත් ගැබිණි මව්වරුන් සිටිත් නම් දැනුම්වත් කරන්න.

Mahamevnawa - Melbourne

Monks' resident building opening ceremony

Gifts given to them yield abundant fruit.

The Eight Persons praised by the wise, these Four Pairs are the gift-worthy disciples of the Well-Gone-One. Gifts given to them yield abundant fruit. In the Saṅgha is this precious jewel. By this truth may there be well-being!

වෙසක් සදහම් මංගල්‍යය සීල භාවනා වැඩසටහන.... 2021

වෙසක් තොරන් රාජයා...

අග්‍ර ශ්‍රාවක වන්දනාව...