මව්බිමට පණදෙමු...

රෝහල් ඇඳන් සහ වෛද්‍ය උපකරණ පරිත්‍යාගය...

අපේම මාතෘභූමියේ අපේම මව්වවරු, පියවරු, සහෝදර සහෝදරියන්ගේ සුවපහසුව උදෙසා මෙල්බර්න් නුවර මහමෙව්නාව භාවනා අසපුවට සම්බන්ධ මව්බිමට පණදෙමු සංවිධානයේ සාමාජික සාමාජිකාවන්ගේ මූලිකත්වයෙන් රෝහල් ඇඳන් සහ වෛද්‍ය උපකරණ මව්බිමේ රෝහල් වෙත පරිත්‍යාග කරනලදි. මේ එයට සූදානම් වන සොඳුරු දසුන් කිහිපයකි.

අපේම මව්වරු, පියවරු, සහෝදර සහෝදරියන්, දුවා දරුවන් ජීවත් වන අපේම මාතෘ භූමියේ අපේම ලේ ඥාතීන් ජීවිතය ඉල්ලා හඬන දුක්මුසු හඬ ඔබේ හදවතටත් දැනෙනෙවාද? මොහොතක් සිතන්න. මේ ඔබේ සහයෝගය අවැසිම මොහොත නොවන්නේද? දරුවන් අහිමිවන මව්වරු, පියවරු, දෙමාපියන් අහිමිවන දරුවන්, ස්වාමියා අහිමිවන බිරිඳ, බිරිඳ අහිමි වන ස්වාමියා අන්ත අසරණ භාවයට පත්කරමින් කොරෝනා වසංගතය අප මාතෘ භූමිය ගිලගනිමින් කඳුළු ගංගාවක ගිල්වමින් බිහිසුණු යුගයක තතු පෙන් වූවා නොවේද? ඔබ හදෙහි උපදින කාරුණික බව, සෙනෙහස දයාව මේ අවැසිම මොහොතයි…. දුර රටකට සුවපහසුව සොයා පැමිණියත් ඒ් මාගේ මාතෘ භූමිය මයි. ඒ් මාගේ ලේ ඥාති පරපුරමයි. ඔබ හදෙහි නැගෙන ශෝකය ඒක්කොට නැවත සිතන්න…. මා කුමක් කළ යුතුද මේ මොහොතේ… එක්වෙමු අපි සියලු දෙනා…. අත්වැල් බැඳන් ගොඩගනිමු මේ බිහිසුණු ඉරණමින් අප මාතෘ භූමිය… ජීවිතයට ජීවයක් දෙන්න ඔබත් එක්වන්න අප සමඟ…. මව් ජීවයට පණ පොවමු.
 
With your generous contributions we delivered the Non-Breather masks to 4 Hospitals in Sri Lanka within last 48 hrs…
Bank Name : Westpac Bank
Branch : Dandenong Plaza
BSB : 033186
Account No : 584729
Account Name: Thawathinsa Yathra Youth Organisation Ltd

රත්නපුර මහ රෝහල වෙත ඔක්සිජන් මාස්ක් විශාල ප්රමාණයක් ලබා දීමට කටයුතු කළා. ඔබගේ නොමසුරු දායකත්වයෙන් අපට මෙම මහඟු පරිත්යාගය සිදු කිර්රිමට හැකි වුණා. උදව් උපකාර කළ ඔබ සියලු දෙනාටම අපගේ කෘතඥතාවය පළ කර සිටිමු.

රාගම ශික්ෂණ රෝහලේ කෝවිඩ් 19 රෝගීන් වෙනුවෙන්ම වෙන් කල වාට්ටුවේ රෝගීන්ගේ පරිහරණය සඳහා, ඔක්සිජන් මාස්ක් විශාල ප්රමාණයක් අද දින ලබා දෙන ලදි. මේ පරිත්යාගය සඳහා උදව් උපකාර කළ ඔබ සියලු දෙනාට ස්තුතියි.

සියළුම ඇඳන් පිරී ඉතිරී ගොස් වාට්ටුවල බිම පවා වැතිරී උඩට ගත් හුස්ම පහලට හෙලා ගත නොහැකිව අසරණව බලා සිටින ඔවුන් දෙස අද අපි දෙනෙත් යොමු කළෙමු.
ඒ අද දින අපි කලුබෝවිල ශික්ෂණ රෝහලට කළ පරිත්යාගයයි. ඔක්සිජන් මාස්ක් විශාල ප්රමාණයක් කලුබෝවිල ශික්ෂණ රෝහලට පරිත්යාග කිරීමට උදව් උපකාර කළ, මුදල් පරිත්යාග කළ ඔබ සියළු දෙනාට මේ බව කෘතඥතා පූර්වකව දැනුම් දෙමු.
එක හුස්මෙන් පවා පණ නළ රැක ගන්ට
වෙහෙසෙන අප රටේ නෑ සිය මිතුරන්ට
තව ලත නොවී යුතුකම ඉටු කර ලන්ට
පෙරමුණ ගනිමු ලක් මව හට පණ දෙන් ට
Dear friends,
Your kind help has enabled us to source the super urgent ‘Non-Rebreather Masks’ within a day and they are now ready to dispatch to Ragama, Rathnapura, Colombo, Kalubowila, and Gampaha hospitals. In addition, a couple of other lifesaving medical equipment sourcing tasks are currently underway.
අපේ පළමු මාස්ක් තොගය, පහත සඳහන් රොහල් වෙත ලබා දීමට කටයුතු කරමින් ඇත.
1. රාගම ශික්ෂණ රෝහල
2. රත්නපුර මහ රෝහල
3. කොළඹ ජාතික රෝහල
4. කලුබොවිල ශික්ෂණ රෝහල
5. ගම්පහ මහ රෝහල

ගම්පහ මහ රෝහලේ රෝගීන්ගේ පරිහරණය සඳහා, ඔක්සිජන් මාස්ක්  ලබා දෙන ලදි. මේ පරිත්යාගය සඳහා උදව් උපකාර කළ ඔබ සියලු දෙනාට ස්තුතියි.