සිතට සුවදෙන භාවනා

බුද්ධානුස්සතිය

ඒකධම්මෝ භික්ඛවේ, භාවිතෝ බහුලීකතෝ ඒකන්තනිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. කතමෝ ඒකධම්මෝ? බුද්ධානුස්සති. අයං ඛෝ භික්ඛවේ, ඒකධම්මෝ භාවිතෝ බහුලීකතෝ ඒකන්තනිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තතීති.

“පින්වත් මහණෙනි, එකම එක දෙයක් භාවනා වශයෙන් වැඩුවොත්, බහුල වශයෙන් පුරුදු කළොත් ඒකාන්තයෙන් අවබෝධයෙන්ම කළකිරීම පිණිස ම, නොඇලීම පිණිස ම, කෙලෙසුන්ගෙන් නිදහස් වීම පිණිස ම කෙලෙස් සංසිඳීම පිණිස ම, විශේෂ වූ අවබෝධය පිණිස ම, චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස ම, අමා නිවන පිණිස ම හේතු වෙනවා. ඒ එකම එක දේ කුමක්ද? බුද්ධානුස්සතියයි. (බුදුරජාණන් වහන්සේගේ ගුණ නුවණින් සිහි කිරීමයි.) පින්වත් මහණෙනි, මෙය වනාහී භාවනා වශයෙන් වැඩුවොත්, බහුල වශයෙන් පුරුදු කළොත්, ඒකාන්තයෙන් අවබෝධයෙන්ම කළකිරීම පිණිස ම, නොඇලීම පිණිස ම, කෙලෙසුන්ගෙන් නිදහස් වීම පිණිස ම, කෙලෙස් සංසිඳීම පිණිස ම, විශේෂ වූ අවබෝධය පිණිස ම, චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස ම, අමා නිවන පිණිස ම හේතු වන එකම දෙය වේ.”

බුද්ධානුස්සතිය

ධම්මානුස්සතිය

සිතට සුව දෙන භාවනා – Audio
- පිවිසෙන්න

01 භාවනාවට පළමු පියවර

03 භාවනා කරන කෙනා සිහිය ගැන දැනගත යුතුයි

05 මිහිරිම භාවනාවකට මුලපුරන හැටි

07 ආනාපානාසතියෙන් සිත එකඟ වන කෙනෙකුට වැඩිදුර උපදෙස්..

09 අතිශයින්ම සිහිය වඩන - අපූරු භාවනාවක් | සති සම්පජඤ්ඤය

11 රාග ගින්න නිවන භාවනාව

13 හිත විරාගී කරවන සොඳුරු භාවනාවක්

15 වේදනාව දැනෙනකොට කරන භාවනාවක්

17 භාවනා කරන කෙනා මුහුණදෙන අභියෝග 5 ක්

19 සමාධිය තුළින් දකින පංච උපාදානස්කන්ධය

21 ආයතන භාවනාව

23 සමාධිය අවබෝධයට හැරවීම 2

02 ඔබ කැමති සමථයට ද? විදර්ශනාවට ද?

04 අතරමං නොවීමට නම් දැනගෙන භාවනා කරන්න

06 සුසුම විමසන අයුරු

08 සුසුම්පොදේ ඇත්ත දැකීම - ආනාපානසති විදර්ශනාව

10 හොඳට හිත එකඟ වන සක්මන - Sakman Bhawanawa

12 දරාගන්න පුලුවන් හිතක් හදන භාවනාව

14 ශරීරය විනිවිද දකින භාවනාවක්

16 සිතක සිතිවිලි සිතන භාවනාව

18 දුක අවබෝධ වන භාවනාව

20 සමාධිය තුළින් දකින ආයතන6

22 සමාධිය අවබෝධයට හැරවීම