Loading Events

« All Events

  • This event has passed.

MONTHLY SIL PROGRAM

February 6, 2022 @ 8:00 am 4:30 pm

නමෝ බුද්ධාය!

සැදැහැවත් පින්වත් මහත්ම මහත්මියණි,

මෙල්බර්න් මහමෙව්නාව භාවනා අසපුවේ පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් මෙහෙයවනු ලබන මාසික සීල භාවනා වැඩ සටහන ව්‍යවහාරික වර්ෂ 2022 පෙබරවාරි මස 6 වන ඉරිදා උදෑසන 8 සිට සවස 4:30 දක්වා, අසපු භූමියේදී පැවැත්වෙන බව මෙත් සිතින් දන්වා සිටිමු.


වික්ටෝරියා ප්‍රාන්තයේ, දැනට පවතින COVID වසංගත රෝගී තත්ත්වය ව්‍යාප්ත වීමේ අවධානය සැලකිල්ලට ගනිමින් සැදැහැවතුන් 90 දෙනෙකුට පමණක් අසපුවට පැමිණ මෙම මාසික සීල භාවනා වැඩ සටහනට සහභාගී වීමට අවස්ථාව ඇති අතර, එසේ සහභාගී වන සියලු දෙනා, තමන්ගේත්, එදින අසපුවට පැමිණෙන අන් සියලු දෙනාගේත් ආරක්ෂාව සහ යහපත පිණිස, COVID-19 එන්නත් ද්විතවයම (FULLY VACCINATED) ලබා සිටිය යුතු බව මෙත් සිතින් යුතුව සිහිපත් කරන්නෙමු.


මෙම වැඩසටහනට අසපුවට පැමිණ සහභාගී වන්නේ නම් පහත link එක භාවිතා කර Google Form එක සම්පූර්ණ කරන මෙන් ඉල්ලා සිටිමු. එය සම්පූර්ණ කරන පිරිසට පමණක් වැඩසටහනට සහභාගී වීමට අවස්ථාව සලසා ඇති බවද මෙත් සිතින් දන්වා සිටින්නෙමු.


https://forms.gle/hDZgxfQ7t3DN4ADp9

ඔබ සමග මෙම මාසික සීල භාවනා වැඩ සටහනට සහභාගී වන පවුලේ සාමාජිකයන් සඳහා වෙන වෙනම ලියාපදිංචි වීමට කාරුණික වන්න.

අසපුවට පැමිණ සම්බන්ධ විය නොහැකි පින්වතුන් සඳහා Zoom තාක්‍ෂණය ඔස්සේ නිවසේ සිට සජීවී ව මෙම මාසික සීල භාවනා වැඩ සටහන සමගින් සම්බන්ධ විය හැකි බවද මෙත් සිතින් යුතුව දැනුම් දෙන්නෙමු.

තෙරුවන් සරණයි.

මෙත් සිතින්,

උපස්ථාන කමිටුව

May you all be well & happy !!!

With Meththa,

Mahamevnawa Buddhist Monastery of Melbourne

71 Monbulk Road,

Mount Evelyn,

VIC 3796


Tel: 03 9736 3937


Email: info@mahamevnawa.org.au
Facebook: http://www.facebook.com/mahamevnawa.melb
Homepage: http://www.mahamevnawa.org.au