ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ – E ama Niwan Suwa Boho Dura Nowe

$4.00

Out of stock

“සතර සතිපට්ඨානය” යනු දුකින් පීිඩිතව සෝ සුසුම් හෙළමින් හඬන වැලපෙන ලෝ සතට ඒ සියලු දුක් ඉක්මවා පරම පාරිශුද්ධත්වයට පත්වීම පිණිස බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ඒකායන නිවන් මගයි. තෙරුවන් සරණ ගිය තථාගත ශ්‍රාවකයන් හට පිය උරුමයෙන් ලද ක්ෂේම භූමිය වන්නේ ද සතර සතිපට්ඨානයයි. එම නිසා ධර්මයෙන් පිහිට පිළිසරණ සලසා ගැනීමට බලාපොරොත්තු වන කා හටත් සතර සතිපට්ඨානය පිළිබඳව මනා නිරවුල් වැටහීමක් තිබිය යුතුමය. ඒ සඳහා ප්‍රමාණ කළ නොහැකි උපකාරයක් සලසා දෙන දහම් ග්‍රන්ථයකි, “ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ”

විස්මිත බුදු නුවණේ අසිරිය මනාව පසක් කරන දීඝ නිකායෙහි මහා සතිපට්ඨාන සූත්‍රය පිළිබඳව මනා විවරණයක් මෙමගින් ඉදිරිපත් වී තිබේ. වචනයෙන් වචනය ඇති මම උතුම් ග්‍රන්ථ රත්නය හස්තසාර වස්තුවක් පරිද්දෙන් නිතර ළඟ තබාගෙන ඇසුරු කළ යුත්තකි.

මෙම උතුම් ග්‍රන්ථය සම්පාදනය කිරීම පිණිස කෙතරම් නම් පරිශ්‍රමයක් දරා ඇත්දැයි මෙම ග්‍රන්ථය කියවන සත්පුරුෂ කා හටත් තේරුම් ගැනීම අපහසු නොවෙයි. එනිසා උතුම් නිධානයක් මතු කොට පෙන්වා දෙන්නෙකු මෙන් මහත් ගෞරවයකින් යුතුව මේ ග්‍රන්ථය නිතර නිතර කියවන්න. යලි යලිත් කියවන්න. යලි යලිත් තෙරුම් ගන්න. යලි යලිත් පුරුදු පුහුණු කරන්න. ඒකාන්තයෙන්ම ඔබේ සසර ගමන බොහෝ දුර නොවනු ඇත.

Weight .42 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ – E ama Niwan Suwa Boho Dura Nowe”

Your email address will not be published. Required fields are marked *