දීඝ නිකාය 2 – Deegha Nikaya 2

$15.00

Availability: 3 in stock

අපගේ ශාස්තෘ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් වදාරන ලද පාරිශුද්ධ බුද්ධ වචනය ඇතුළත් වන්නේ සූත්‍ර, විනය, අභිධර්ම යන ත්‍රිපිටකය තුළ ය. එයින් සූත්‍ර පිටකය – දීඝ නිකාය, මජ්ඣිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය හා ඛුද්දක නිකාය වශයෙන් කොටස් පහකින් යුක්ත වේ. දීඝ නිකායෙහි ඇතුළත් වන්නේ දීර්ඝ සූත්‍ර දේශනාවන් ය. දෙසුම් 34කින් යුත් දීඝ නිකාය – සීලක්ඛන්ධ වර්ගය, මහා වර්ගය හා පාථික වර්ගය වශයෙන් කොටස් 3කින් සමන්විත වන අතර ඒවා ග්‍රන්ථ 3ක් ලෙස ප්‍රකාශයට පත්කොට තිබේ. දීඝ නිකාය දෙවන පොත් වහන්සේ මෙය මහා වර්ගය නමින් හඳුන්වයි. ඒ මෙහි බොහෝ දේශනාවන් මහා යන වචනයෙන් ආරම්භ වන බැවින් විය හැක. මෙහි ඇතුලත් සූත්‍ර දේශනාවන් වන්නේ –

  1. මහාපදාන සූත්‍රය
  2. මහානිදාන සූත්‍රය
  3. මහාපරිනිබ්බාන සූත්‍රය
  4. මහාසුදස්සන සූත්‍රය
  5. ජනවසභ සූත්‍රය
  6. මහාගෝවින්ද සූත්‍රය
  7. මහාසමය සූත්‍රය
  8. සක්කපඤ්හ සූත්‍රය
  9. මහාසතිපට්ඨාන සූත්‍රය
  10. පායාසිරාජඤ්ඤ සූත්‍රය
Weight 1.2 kg

Reviews

There are no reviews yet.

Be the first to review “දීඝ නිකාය 2 – Deegha Nikaya 2”

Your email address will not be published. Required fields are marked *